gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල් නීති විභාගය ලිවුවේ හොරටද… CID පරික්‍ෂණ අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටීමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට “අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙම සංවිධානය විසින් ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මඟින් විර්මශනයක් ආරම්භ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලිවුවේ වායු සමනය කල කාමරයක, ප්‍රශ්න පත්තර කලින් දීලා, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා යයි තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

නාමල් රාජපක්‍ෂ මහතා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඒ බව ඔප්පු කලහොත් තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් පාර්ශව කිහිපයක් දැනටමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka