gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමා මන්ත‍්‍රීන් 15ක් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක..?

ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසූ බවට සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙකු සඳහන් කර ඇති බව අරුණ පුවත්පතේ දේශපාලන කොළම වාර්තා කරයි.

එහි දැක්වෙන පුවත සම්පූර්ණයෙන්ම මෙසේය.

දකුණු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරයකු සමග ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉතා කුලුපග ඇසුරක් පවත්වාගෙන යයි. දෙපිරිස නිරතුරු ආගිය තොරතුරු කතා බහ කරන අතර, දුක සැප ද බෙදා ගන්නා තරම් ගජමිතුරන් ය.

ආණ්ඩුවේ මිතුරන් සජබ මිතුරාට නිතර කියන දුක් ගැනවිල්ලක් තිබේ.

‘‘අපිට වැටුපක් ගෙවන්නේ නෑ. අඩුම තරමේ දීමනාවක්වත් ලැබෙන්නේ නෑ. අපි කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ. පාර්ලිමේන්තුව අවසන් වුණාම බස් එකක පටවගෙන ගිහින් මන්ත්‍රි නිවාසවලට දානවා. පහුවදා උදෙන්ම ආයෙත් බස් එක ඇවිල්ලා අපිව පාර්ලිමේන්තුවට අරගෙන යනවා. ඒ ඇරෙන්න අපිට වෙන ජීවිතයක් නෑ‘‘ යැයි පැවැසූ ජාජබ මන්ත්‍රි පිරිස තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ නායකයන්ගේ වහලුන් ලෙස වැඩ කිරීමට සිදු වී ඇතැයි ද පවසා තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් දහ පහළොස් දෙනෙක් පමණ ඉල්ලා අස්වීමෙට ඉඩ ඇති බවද මෙම පිරිස සජබ මිතුරා හා පවසා තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka