gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ කෝන්තර පසෙකලා රනිල් – මෛත්‍රී එකම දීගේ!

කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණ අතර එම සාකච්ජාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එක්ව සිටියේය.

මෙම විශේෂ සාකච්ජාව පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති අතර මෙම විශේෂ හමුවේදී මේ වනවිට රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හා ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා කර ඇත.

මෙම සාකච්ජාව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, සාගල රත්නායක, රුවන් විජයවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටියේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka