gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගන්න ප්‍රධාන පෙළේ නැව් සමාගමක් ලොකු උත්සාහයක! ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කළේ ඒකටද? මේ හදන්නේ වෙන පර්යන්තයකට වාසියක් දෙන්නද? වත්මන් පරිපාලනය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම නොමග යවලාද?

කොළඹ වරායේ නැගෙනහිර බහළු පර්යන්තය ලබාගැනීමට ප්‍රධාන පෙළේ නැව් සමාගමක් උත්සාහ කරමින් සිටින බවත් වර්තමාන ආණ්ඩුව යටතේ එම පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කිරීම වෙනත් පාර්ශවයකට දීමට කරන මූලික පියවරක් වියහැකි බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසීය.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනයේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමල් සුමනරත්න මහතා එසේ සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහළු පර්යන්තයේ මාර්ගයේ මූලික සැලැස්ම වෙනස් කිරීම තුළින් වෙනත් පර්යන්තයකට වාසි සැළසීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් මතුවී ඇති බවත් වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය නැගෙනහිර බහළු පර්යන්තයේ උපකරණයක් මිලදීගැනීමේ ටෙන්ඩර් අවලංගු කිරීමෙන් ඉදිකිරීම් තව දුරටත් ප්‍රමාද වන බවත් ශ්‍යාමල් සුමනරත්න මහතා කීය.

වරායේ වර්තමාන පරිපාලනය ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තන් මුලාකර ඇති බව කී ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසුවේ නැගෙනහිර පර්යන්තයේ උපකරණ මිලදීගැනීමට අදාල ටෙන්ඩර් අවලංගු කිරීම සහ ඉදිකිරීමේ සමාගමේ නිලධාරීන්ට වරායේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා අවම වශයෙන් එම පර්යන්තයේ ඉදිකිරීම් තවත් මාස 16 ක් ප්‍රමාද වන බවත්ය.

ජනාධිපතිවරයා පවසන ආකාරයට නැගනෙහිර පර්යන්තය ලැබන ජූනි මස විවෘත කළ නොහැකි බවත් වරාය පරිපාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉක්මණින් පියවර නොගත හොත් වරාය පද්ධතියම කඩා වැටෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

වරාය පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් වරාය සමඟ ගිවිසුම්ගතව සිටින නැව් සමාගම් ඉවත්ව යන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත්ව යන නැව් සමාගම් සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යන බවත් සුමනරත්න මහතා කීය.

වරායේ සේවකයන්ගේ වෘත්තිය සමිති වරායේ සමිති වීම නිසා එම වෘත්තීය සමිති වරාය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා බවත් එම ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්කරමින් දේශපාලනය පසෙක තබා නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා සියලුම වෘත්තිය සමිති ඉදිරිපත් වූ බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවේදී ද කුමන අභියෝග පැමිණිය ද වරාය ආරක්‍ෂා කිරීම සඳහා වගකිවයුතු වෘත්තීය සමිති ලෙස ඉදිරිපත් වන බවත් වරාය වෘත්තිය සමිතිය ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයට වරාය තුළ වැඩි බලයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බදු වරායට හානිදායක ක්‍රියාවල අඛණ්ඩව නිතරවීම නිසා වර්තමාන ආණ්ඩුවට කෙටි කාලයක් සම්පූර්ණ වෙත්ම සංවිධානය වීමට සිදුවූ බවත් වර්තමාන පරිපාලනයේ ඉහළ තනතුරුවල සිටින බොහෝ දෙනෙක්ට වාරාය විෂය පිළිබඳව විශාල දැනුමත් නොමැති බවත් ඒ මහතා පැවසීය.

මෙර ජනතාව ඉහළ බලාපොරොත්තුවක් තබාගෙන පත්කළ වර්තමාන ආණ්ඩුව යටතේ මෙවැනි සේවල් වීම අනුමත කළ නොහැකි බව කී ශ්‍යාමල් සුමනරත්න මහතා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මේ පිළිබඳව තීරණයක් නොගත හොත් සේවකයන් සමඟ සටනට අවතීරණ වන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳව්කරුවන් වන උදේනි කළුතන්ත්‍රි සහ තුෂාරි ප්‍රියංගා යන මහත්ම මහත්මීහු ඇතුළු වරාය වෘත්තිය සමිති රැසක නියෝජිතයෝ සහභාගි වූහ. -අරුණ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka