gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංජීවගේ ඝාතකයාට එකෙන්ම වැඩේ දෙන්න පොලීසියේ සැළැස්මක්!

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ චිත්ති කුඩුව තුළදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සිද්ධියේ 1වන සැකකරුට අදාළව අධිකරණ ක්‍රියාවලිය තුළ සාක්කි මෙහෙයවීමේදී එම ඝාතනය ඔහු විසින්ම සිදු කළාද යන්න සම්බන්ධයෙන් ඉතා කුඩා හෝ සැකයක් ඇති නොවීමට පොලීසිය පරිපූර්ණ විමර්ශනයක් සිදුකරමින් සිටිනා බව වාර්තා වෙයි.

ඒ අනුව නඩුවට අදාළ ශාක්ෂි ඉතා ප්‍රභල ආකාරයෙන් මෙහෙයවා අදාළ සැකකරුට කෙටි නඩු විභාගයක් අවසානයේ නිසි දඬුවම් පැමිණවීමට පොලීසිය බලාපොරොත්තු වෙයි.

එබැවින් එදින වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා බවට තහවුරුකර ගැනීමට එදින අධිකරණයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුගේ මුහුණ හඳුනා ගැනීමේ විශේෂ පරික්ෂණයක්ද සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඊට අමතරව සැකකරුගේ ඇඟිලි සලකුණු, ඩී.එන්.ඒ. පරික්ෂණ ඇතුළු පොලිසියෙන් පරිබාහිරව විශේෂඥයන්ගේ සාක්ෂිද ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනා බවයි.

එමෙන්ම සැකකරු එදින භාවිත කළ ජංගම දුරකතනයේ සටහන්ව ඇති ශාක්ෂි සහ ඊට අමතරව එදින හැඳ සිටි ඇදුම්ද ඔහුගේ ප්‍රකාශ මතම ගලවා ඉවත් කළ ස්ථානයෙන් පොලිස් භාරයට ගෙන ඇති බවත් බුද්ධික මනතුංග මහතා පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන අනුව සැකකරු විසින් ඝාතනය සිදුකළ බවට තහවුරු කළ හැකි ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට ගළපාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka