gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර අනිවත්තේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බස්නායක නිලමේ ගේ බිරියට නීතිය ක්‍රියාත්මක කරන්න… මිගෙට්ටුවත්තේ සුසීම හිමියෝ ජනපතිට ලියති!

ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් පොලිසියට හසුවූ මහනුවර පිටිසර දේවාලයක බස්නායක නිලමේ ධූරය දරන තැනැත්තාගේ බිරියට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්  අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ ජනාධිපතිවරයාටත් පොලිස්පතිවරයාටත් ලිඛිත දැන්වීමක් කර තිබේ.
උන්වහන්සේ පවසන්නේ මෙම බස්නායක නිලමේගේ බිරිය සහ කාන්තාවන් දස දෙනෙක් අනිවත්ත ප්‍රදේශයේදී පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම පිළිබඳ චෝදනා මත බවය.
 
එහෙත් බස්නායක නිලමේ තමන්ගේ සිවිල් බලය භාවිතා කර සිද්ධිය යට ගසා ඇති බවත්, නීතිය සියල්ලන්ටම සමාන නම් බස්නායක නිලමේත් ඔහුගේ බිරියත් එම නීතියට යටත් විය යුතු බවත් සුමිත්ත හිමියෝ පෙන්වා දෙති.

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය.

ජනාධිපතිතුමනි , පොලිස්පතිතුමනි,

බස්නායක නිලමෙවරයකුගේ බිරියගේ ගණිකා මඩමෙි සිද්ධිය යටපත් කිරිම සම්බන්ධයෙනි.

දේවාලවල සමහර බස්නායක නිලමේවරුන් පිළිබඳව විවිධ විෂමාචාර චෝදනා මෙන්ම ඔවුන්ගේ බිරියන්ගේ නොමනා හැසිරිම් නිසා බස්නායක නිලමේ යන නාමයටත් මේ වනවිට දැඩි ලෙස හානි සිදුවි තිබේ.

මහනුවර පැත්තේ පිටිසර දේවාලයක බස්නායක නිලමෙවරයකු මෙන්ම ඔහුගේ බිරිය පොලිසියට බලපෑම්කළ සිදුවිමක් මෑතකදි අසන්නට ලැබුනු අතර එය ජනමාධ්‍යයෙන්ද ප්‍රචාරය විය.

එසේම මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමෙවරයකුගේ බිරිය අනිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලුවේ මීට මාස දෙක තුනකට පෙරදිය.

එහිදි බස්නායක නිලමේගේ බිරිය ඇතුළු කාන්තාවන් දස දෙනකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් මෙම බස්නායක නිලමේවරයාගෙ බලපෑම මත පොලිසිය මෙම සිද්ධිය යටගසා තිබේ.

නිීතිය කාටත් සමානනම් බස්නායක නිලමේලාට හා ඔවුන්ගේ බිරියන්ට රටේ වෙනම නීතියක් තිබිය නොහැකිය. මෙම සිද්ධින් හමුවේ සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගෙ සංගමයද මුනිවත රකිනු පෙනේ.

එසේ හෙයින් මේ සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි
මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka