gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීගමුව කොස්තාපල්වරයා සංජීව ඝාතනයේ සම්පූර්ණ සැළැස්ම දැන ඉඳලා!

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබෙන්නේ ගනේමුල්ල සංජීව සැලැස්ම එම අපරාධයේ මහමොළකාරිණිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි විසින් ඇයගේ මීගමුවේ – ජය මාවත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට සැළසුම්කර ඇති බවයි.

ඊයේ (26) අධිකරණයේ නඩු විභාග අතරතුර එම සිදුවීමටම අදාලව අත්අඩංගුවේ සිටින මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයා පවසා ඇත්තේ ඝාතනය සම්බන්ධයෙන් තමන් මුල සිටම දැනුම්වත් වී සිටි බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ දැනට රඳවා සිටින ජූලම්පිටියේ අමරේ නමැති අපරාධ කල්ලි නායකයාගේ ඥාති පුත්‍රයෙකු බව ද අනාවරණය වී ඇත.

මීට වසර 4කට පෙර මෙම පොලිස් කොස්තාපල්වරයා දූෂිත නිලධාරියෙකු බවට ලැබුනු බුද්ධි තොරතුරු මත ඔහු යාපනයට ස්ථාන මාරු කර යවා ඇතත් ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමකින් හෙතෙම යළිත් තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරුවක් ලබාගෙන පැමිණ තිබෙන බවත් අනාවරණය වී ඇත.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට පමණ පෙර වෙඩික්කරු වන කමාන්ඩෝ සමිදු සහ ඉෂාරා දිවුලපිටියේ ළැඟුම්හලක සිට ඇති බවත් ඔවුන් සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ ගෙන කුලී රථයකින් විවාහ මංගල්‍යයකට යන බව පවසා ගොස් ඇත්තේ රාජ්‍ය බැංකුවකින් රුපියල් 50000ක මුදලක් ද ගෙන බවයි හෙළි ව ඇත්තේ.

වෙඩික්කරු සහ ඉෂාරා ව ගෙන ගිය කුලී රථයේ රියදුරුගෙන් ද ප්‍රශ්න කර ඇති අතර බැංකුවෙන් මුදල් ගැනීමට සැකකාරිණිය ගිය අවස්ථාවේ දී කමාන්ඩෝ සමිඳු නමැත්තා විසින් කුලී රථ රියදුරු හට දුම්වැටියක් ද පිරිනමා සුහදව කතාබහ කළ බව ද සාක්ෂියේ සටහන් ව තිබෙනවා.

සංජීව ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි රුපියල් ලක්ෂ 05ක රත්‍රං භාණ්ඩ ද මිලට ගෙන ඇති අතර ඇයගේ සහෝදරයාගේ ගිණුමට ද ඩුබායි හි සැඟවී සිටිමින් මෙම ඝාතනය මෙහෙය වූ කෙසෙල් ල්බද්දර පද්මා නමැත්තා විසින් ලක්ෂයක පමණ මුදලක් බැර කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

එමෙන්ම ඝාතනයට අවශ්‍ය ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති කෘතියෙහි සූක්ෂ්ම ව සඟවා ඇත්තේ ද ඉෂාරාගේ සොහොයුරු බවට හෙළි ව තිබෙනවා.

මේ හේතුවෙන් එළඹෙන 07 වැනි දා දක්වා එම සොහොයුරු සහ සැකකාරිණියගේ මව රක්ෂිතබන්ධනාගාරගත කිරීමටත් නියෝග කෙරුණා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka