gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇප මත සිටින හිටපු EPDP මන්ත්‍රී ඉන්දියාවට හරහා යුරෝපයට පනින්න යද්දී අත්අඩංගුවට!

ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට උත්සාහ කළ අවස්ථාවේදී වීසා ලබා ගැනීමට ගිය විට ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු යුරෝපා රටකට යාමට ඉදිරිපත් කොට ඇති ගමන් බලපත්‍රයට අමතරව තවත් ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර ඔහු ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ එම බලපත්‍රය උපයෝගී කරගෙනය.
මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරයාව කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව භූපාල් බන්ධනාගාරයේ රදවා තබන ලෙස පොලීසියට නියෝග කොට තිබේ.

හිටපු මන්ත්‍රී තිලීපන් වවුනියාව පොලීසිය විසින් ද මීට මාස දෙකකට ඉහතදී අත් අඩංගුවට ගත් අතර ඊට හේතුව වූයේ වවුනියාවේ පුද්ගලයෙකුට ඉඩමක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගෙන එය වංචා කිරීමේ සිද්ධියකි.

එහිදී ඔහු විසින් ලබා ගත් මුදල වාරික දහයකින් ගෙවීමට වවුනියාව අධිකරණයේදී පොරොන්දු වීමෙන් පසුව අධිකරණය ඔහුව ඇප මත නිදහස් කොට තිබිණි. ඇප මත හිඳ හොරෙන් යුරෝපීයට රටකට පැනගන්නට යාමේදී ඔහු දැන් ඉන්දියාවේ ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත්ව තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka