gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීගේ වාහනයේ හැපී අයෙක් මරුට!

උදෑසන කාලයේ කොස්වත්ත පොලිස් වසමේ B 419 ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට තෝප්පුව දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. යතුරුපැදියේ පැදිකරු බරපතල තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 65 ක් වූ පතහවත්ත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට පත් කාර් රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා අද දින පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සහභාගී වීමට ගමන් කරමින් සිටියදී කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වේ.

මෘත ශරීරය දංකොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වාහනය පදන ලද මන්ත්‍රීවරයාගේ සොහොයුරුයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka