gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘යන්න එපා ඉන්නකෝ..’ ශ‍්‍රී ලංකාව අදානි පස්සේ දුවයි... තොරතුරු මාධ්‍යට යාම ගැනත් පරීක්‍ෂණ!

ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ තම සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට දන්වා පැය කිහිපයකට පසු ඉන්දීය පාර්ශවය සහ ශ්‍රී ලංකා රජය ලබන සතියේ තවත් සාකච්ඡා මාලාවකට යාමට තීරණය කර ඇත.

ඒ අනුව එම ව්‍යාපෘ සම්පූර්ණයෙන්ම අහෝසි නොවිය හැකි බවට ඉගි පලවෙයි.

මෙරට ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළඹිය හැකිදැයි බැලීමට සහ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ ඉන්දියානු සහ ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම හමුවනු ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැනටමත් සාකච්ඡා වට 14ක් පවත්වා ඇති අතර අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ඉන්දීය පාර්ශවය සිය කලකිරීම පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී නවදිල්ලියට ගිය අවස්ථාවේදී තම රජය අදානි ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින නමුත් සමාගම විසින් දක්වන ලද බදු අනුපාත අඩු කළ යුතු බව ඉන්දීය නිලධාරීන්ට දන්වා තිබුණි.

කෙසේ වෙතත් සිය ව්‍යාපෘති අත්හිටුවන බවට වන ලිපිය බදාදා දින ආයෝජන මණ්ඩලයට යවා ඇති අතර ඊයේ උදෑසන මාධ්‍ය වෙත එහි තොරතුරු ලැබීමත් සමග ආයෝජන මණ්ඩලය කලබලයට පත්ව ඇත.

මෙම ලිපිය මාධ්‍යයට කාන්දු වූයේ කෙසේද යන්න පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka