gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහර එජබ සංවිධායක අත්අඩංගුවට.. එකම නොම්බරේට මොන්ටෙරෝ 3යි!

මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැලවත්ත ජපන් මිත්‍රත්ව පාර පාර්ලිමේන්තු පාර හන්දිය අසල විදුලි ආලෝක සංඥා පුවරුව ඉදිරිපිට ඔහු අත්අඩංගුවට හෙන ඇති අතර මෙම රථය වැඩිදුර විමර්ශනය සඳහා තලංගම පොලිසියට භාර දී ඇත.

ඒ නීති විරෝධීව මෙරටට ආනයනය කළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

මොහු ධනවන් ව්‍යාපාරිකයෙකු වන අතට හෝටල් සමූහයක අධිපතිවරයෙකු වශයෙන් ද කටයුතු කරයි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද වාහනයට අදාළ ලියාපදිංචි අංකයෙන් ම 2018 වසරේදී වෙනත් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අංකයෙන් ම යුත් මිට්ෂුබිසි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් ද 2019 වසරේදීත් වලාන බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අංකයෙන් ම මෙවර ද එම ඒකකයට තුන්වන වතාවටත් කොටු වූ එම අංකය ඇතුළත් රථය මිට්ෂුබිසි මොන්ටොරෝ වර්ගයේ ජීප් රථයකි.

නීති විරෝධී ලෙස රටට ආනයනය කරන ලද රථයක් ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් රථය රුපියල් කෝටි 4කට අධික බව කියන එම බළකාය මෙය ඉතා සූක්ෂ්ම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස හොර රහසේ ලංකාවට ගෙන්වනු ලැබූ මෙම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක පිරිසක් විසින් කූට ලේඛන සකස්කර පරිගණක දත්ත වෙනස් කරමින් කටයුතු කර ඇත.

නීති විරෝධී වාහන එකලස් කිරීම මඟින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආර්ථික ස්ථායිකරණය සඳහා රජයට අය විය යුතු බදු මුදල් ලක්ෂ ගණනින් අහිමි වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මකය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka