gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගෙන් ජනපතිට සහතිකයක්... තාක්ෂණික පරිවර්තනය සඳහා අති විශාල ආයෝජනයක්!

ජනපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය අතරතුර, හෙතෙමපෙරේදා (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ. 

එහිදී මෙරට ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වූ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇත.

එම සාකච්ඡාව අවසානයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහයක් ලෙස ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම එකඟවී ඇති අතර, දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සඳහා මුලපිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා මහතා අතර සාකච්ඡා කර ඇත.

මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කළ අතර, එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇත.

ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන මෙන් ජනපතිවරයා මයික් සිසිලියා මහතාගෙන් ඉල්ලා තිබේ.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය (AI) සහ (Cloud) මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම සූදානම් බව එහි විධායක උප සභාපතිවරයා පවසා ඇත.

මෙය උපායමාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක ක්ලවුඩ් පහසුකමෙහි (AI driven Cloud Solutions) කලාපීය ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසනු ඇත.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්‍ෂණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් වනු ඇත.

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka