gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදවතේ ගායකයා කලකිරීමෙන් සමුගැනීම සටහන් කරයි

මෙරට ඉහළම රසික ආදරයක් දිනාගත් අතලොස්සක් වූ ගායිකයින් අතර දශකයකට වඩා කාලසීමාවක් ඉහළින්ම වැජඹෙන ගායකයෙකු වන චාමර වීරසිංහ මහතා සිය මුහුනුපොතේ සංවේදී සටහනක් තබා ඇත.

පෙරේදා (11) ඇහැලියගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට චාමර වීරසිංහ මහතා සහභාගිවීමෙන් පසු සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස සිය කලකිරීම ප්‍රකාශකර ඇත.

මෙම සිදුවීම සුවිශේෂී වන්නේ හදවතේ ගායකයා නමින් ජනාදරයට පත් වසරේ ජනප්‍රියයතම ගායකයාට හිමි සම්මානය අඛණ්ඩව වසර ගනනාවක් දිනාගත් ඔහු මෙවැනි සංවේදී සටහනක් මින් පෙර කිසිදු අවස්ථාවක තබා නොමැති බැවිනි.

එම සටහන මෙසේය,

“මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ.

ඊයේ දවසේ ඇහැලියගොඩක් තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ සමහර මිනිස්සු හැසිරුන විදිය මගේ මේ සංගීත ජීවිතේම මම දැකල නෑ.

මගේ අසනීප තත්වය සම්පූර්ණ සුවවී නැතිව තියෙද්දිත් ආදරණීය රසික ඔබව සතුටු කරන්න අදටත් වේදිකවට එනවා..

අනික මේක මගේ රැකියාව.හැම දෙයක්ම සමබර කරගෙන ඔබ වෙනුවෙන් ඔබව සතුටු කරන්නට එද්දි ඒ එන හැම කෙනා එක්කම මට පින්තූර ගන්න බැරි වෙයි..

ඒක ඔයාලගේ ආසව ආදරය..එත් ආදරණීය ඔබ හැම දෙනාම මාව තේරුම් ගනී කියල හිතනව.

මම එදා ඉඳල අද වෙන්කන් පුලුවන් හැම වෙලාවකට කාගෙ හරි හිතක් සතුටු කලා මිසක් වෙනයම් කිසිම රිදවීමක් කරලනෑ..

කලකිරීම උපරිමයෙන් තිබුන දවසක් ඒ වගේ දවසක් අයෙ හමු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව..

දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව..ඒක අනිවාර්යක්.


මට හදවතින්ම ආදරය කරන මාව රැක ගන්න උත්සහ දරන, මම වෙනුවෙන් ඉන්න මගේ ආදරණීය රසික හැම දේනාමට ස්තුතියි.❤️”

කෙසේවෙතත් මීට අදාල සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පලවී ඇත.

චාමර වීරසිංහ මහතා සමඟ පින්තූර ගැනීමට පැමිණි පිරිස් විසින් ඊට අවස්ථාව ලබානොදීම හේතුවෙන් කෝප වී පහරදීමට උත්සාහ දරා ඇති බව ඇතැමෙකු පවසයි.

වේදිකාවට නැඟි පිරිසක් වේදිකාව අවහිරකිරීම හේතුවෙන් පහළ සිටි පිරිස් වේදිකාව මත සිටිනා පිරිසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් තවත් පිරිසක් පවසයි.

කෙසේවෙතත් චාමර වීරසිංහ මහතා මෙම සිදුවීමෙන් මහත් කලකිරීමට පත්ව ඇති බව පැහැදිලි වන්නේ “දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව..ඒක අනිවාර්යක්” ලෙස එම සටහනේ සඳහන්වීම හේතුවෙනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka