gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් ඝාතන උත්සාහයක්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

“ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුණා බරපතළ තර්ජනාත්මක අනතුරු ඇඟවීමක්.

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ජනමාධ්‍ය තුළට ඉතාමත් බරපතළ අන්දමේ ප්‍රකාශයක් නිකුත් කරන්නේ. ඒ වගේම මෙම ප්‍රකාශය මරණීය තර්ජනයක් විතරක් නොවේ.

මේ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිට බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමාට ගමට නොවේ යන්න වෙන්නේ ළඟදීම වළට යන්න වෙන්නේ’ කියලා රජයේ වගකිව යුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ කරන ප්‍රකාශය ඉතාමත් බරපතළ අන්දමේ ප්‍රකාශයක්. එය සුළු කොට තැකිය හැකි ප්‍රකාශයක් ලෙස බැහැර කළ නොහැකියි.

වළට යනවා කියන එකෙන් ඉතාමත් පැහැදිලිව අදහස් කරන්නේ තමන්ගේ ජීවිතය ළඟදීම නැතිවීමේ ඉඩ කඩක් තිබෙනවා කියලා තමයි අනතුර අඟවන්නේ.

අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද කියන ප්‍රශ්නය මේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශ්නයත් එක්ක අපි අද දවසේ ආණ්ඩුවෙන් අහනවා. බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරිව එය කටින් එළියට එනවා.”

නිදර්ශනි වික්‍රමසිංහ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka