gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි කියන විදිහට කරන්න රජය ලෑස්ති නෑ... මේක පරණ රජයමයි - ලාල් කාන්ත

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.

ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.

තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

– ලංකාදීප
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka