gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඓතිහාසික පොලිස් මාරුවක්... 139කට උන්හිටි තැන් අහිමි වෙයි!

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ප්‍රථම වතාව සනිටුහන් කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

එලෙස මාරුවීම් ලබාදී ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු සඳහා වෙයි.

මෙම මාරුකිරීම් හරහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka