gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

T56 සමග අතුරුදහන්වුන ආධුනික කොස්තාපල්ගේ අම්මයි තාත්තයි අත් අඩංගුවට… රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම අරඹයි!

සිය රාජකාරී ගිනි අවිය ද සමග අතුරුදහන් වීමෙන් අනතුරුව රටින් පැන ගිය බවට තහවුරු කරගත් ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්ගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.
පැය 48ක මෙම රැඳවුම් නියෝග ඊයේ (10) ලබාගෙන තිබිණි. තවද මෙම තැනැත්තාට ආධාර සහ අනුබල දුන් බවට සැක පිට තවත් පොලිස් කොස්තාපල් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව ද පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල් ඔහුගේ T56 ගිනි අවිය ද සමඟසෙනසුරාදා ( 08) දිනයේ දී  අතුරුදන්ව තිබිණි. එදින  සවස රාජකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව රාජකාරි  ගිනි අවියද ගෙන පොලිස් ස්ථානයෙන් පිටත් වී කෙළින්ම සිය භට නිවසන්නයට ගොස් ඇඳුම් මාරු කරගෙන කුලී රථයකින් කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඩුබායි බලා පිටත්වී ඇතිබව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

ගිනි අවිය සොරකම් කළේ කුමක් නිසාද, විදේශගතවීම පසුපස ඇති පසුබිම් කතාව කුමක් ද,  ගිනි අවිය අලෙවි කළා ද, යම් කිසි අපරාධ කල්ලියක කොන්ත්‍රාත්තුවක් ලෙස මෙම ගිනි අවිය සොරා ගැනීම සිදුකළා ද, ඔහුට විදේශගතවීමට අවශ්‍ය පහසුකම් සැපයුවේ කවුද, යන්න පිළිබඳ මේ වනවිට විමර්ශන අංශවල දැඩි අවධානය යොමු වී ඇත.
-lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka