gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ණයට කුඩු ටොන් ගණන් දෙන ජාත්‍යාන්තර පාතාලයේ පිළිගැනීම පද්මේට යද්දි රටේ අනෙක් පාතාල කල්ලි කලබල වෙලා…

අලුත්කඩේ අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ ට පිළිගැනීමක් ඇතිවී තිබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට බලවත් ලෙස කම්පනයට පත් වී සිටින බවත් බුද්ධි අංශ සඳහන් කරයි.
මෙරට පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් තක්සේරුවකින් පසු එම පාතාලයේ ප්‍රබලයන්ට ණය පදනම මත පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අයිස් සහ හෙරොයින් ලබාදෙන බව ද බුද්ධි අංශ සඳහන් කරයි.

කිලෝ 100ක් වැනි මත්කුඩු තොගයක් මිලදී ගැනීමකදී පිස්තෝල සහ ටී 56 අවි ද පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අධිකරණය තුළදී සංජීවට කළ වෙඩි තැබීමත් සමඟ මෙතෙක් පකිස්තානු ජාවාරම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වූ ගණේමුල්ල සංජීව ඇතුළු සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලියට පිළිගැනීමක් අතැයි වාර්තා වේ.

එබැවින් සෙසු ජාවාරම්කරුවන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි සාමාජිකයන් ඝාතනය කරිමින් ඔවුන්ව යටපත් කර සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා සැළසුම්කරන බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ.
 
( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka