gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතිඥ සංගමයේ නිලවරණය නවත්වන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න සහ නීතිඥ රජීව් අමරසූරිය යන දෙදෙනාවත් විත්තිකරුවන් කරලා.. එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි, නීතිඥ එම්ලියා ලිලන්ති ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (17) ප්‍රතික්ෂේප කළේය. 
 
සභාපති ධුරයට තරග වදින නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහත්වරුන්, නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, සභාපති ධුරයට නාම යෝජනා භාර දුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා තරගයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය සඳහා තරග වැදීම සංගමයේ ව්‍යවස්ථාට විරෝධී බවයි.

නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම  අපේක්ෂකයෙකු මියයාමකට සමාන බවත් අපේක්ෂකයෙකු මිය ගිය පසුව යළිත් නාම යෝජනා කැඳවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වා දුන් නීතිඥවරයා යළි නාම යෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක  යන මහත්වරුන් කරුණු දක්වමින් පැවසුවේ, නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම නීත්‍යානුකූල බවත් අනුර මැද්දගොඩ මහතා ස්ව කැමැත්තෙන් නිලවරණය සඳහා තරග වැදීමෙන් ඉවත් වී ඇති බවයි.

එම ඉවත්වී යාම මිය යෑමකට සමාන කළ නොහැකි බව ද නීතීඥවරු අවධාරණය කළේ ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, පැමිණිල්ලට බැලූ බැල්මට ජය ගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම අනුර මැද්දගොඩ මහතා තරගයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර ඔහුගේ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවත් එවන් වටපිටාවක මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නවයක් මේ වනවිට ප්‍රමාද වී ඇති බවද, විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනී නොයන බැවින් පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා නියෝග කළේ ය.

මාර්තු 3 වැනිදා යළි නඩුව කැඳවීමට නියමිතයි.
 
මේ සම්බන්දයෙන් නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහතා විසින් ඔහුගේ facebook ගිණුමෙහි මෙසේ පලකර ඇත.
 

ඉදිරිපත් කරන ලද සම්පූර්ණ පෙත්සම පහතින්
















 


 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka