gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේක IMF අයවැයක්-මම හිටිය නම් දන්නවා කරන හැටි – සජිත් කියයි

පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් පිළිබඳව පොරොන්දු වූ ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ ඊයේ අයවැය කතාව සැසඳිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

2025 අයවැයෙන් එම පොරොන්දු කොපමණ ඉටුකරනු ඇත්ද යන්න විමසා බැලිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැවසුවේය.

“රට අනුරට” සංකල්පය යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මගින් ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට ප්‍රතිඥා දී ඇති නමුත්, යථාර්ථයෙන් පෙන්නුම් කරන්නේ ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට රට භාරදී ඇති බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ අයවැය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් යනුවෙන් විපක්ෂ නායකවරයා චෝදනා එල්ල කර තිබේ.

2025 සඳහා වන රජයේ අයවැය සම්බන්ධයෙන් අද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියාසිටියේ, අයවැයට අනුව 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගත යුතු බව සහ ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට සීමාකළ යුතුව ඇති බවයි.

2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ හඳුන්වා දී ඇති 13% සීමාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සමඟ සමපාත වන බවත්, 2.5% ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම සෘජු IMF නිර්දේශයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේ, ආයෝජන සඳහා වෙන්කර ඇත්තේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් පමණක් බවයි.

අයවැය විවේචනය කරමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ, ණය බරින් සිරවී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විසඳුම් ලබාදීමට එය අපොහොසත් වන බව සහ දුප්පත්කමෙන් මිදීමට මගක් ඉදිරිපත් කර නොමැති බවයි.

ව්‍යවසායකත්වය තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා මෙවර අයවැය සහාය නොදක්වන බවත්, වැවිලි, කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයට අදාළ පොරොන්දු ඉටුකර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, නව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළද, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් සෘජුවම IMF මාර්ගයේ ගමන් කරමින් සිටින බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ රාමුව තුළ වැඩකිරීම අත්‍යවශ්‍ය වුවත්, තමන් බලයේ සිටියේ නම් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරන බවත්, අයවැයට සංශෝධන එක්කිරීම සඳහා තවදුරටත් බලකරන බවත් ඔහු පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka