gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දගේ පුත් ළඟ ගිනි අවි රැසක්!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ භාරයේ තිබු ගිනි අවි 7න් 5ක් මේ වනවිට ලබාදී තිබූ බවත් ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සදහන් කරයි.

දැනට යෝෂිත රාජපක්ෂ භාරයේ ගිනි අවි දෙකක් තිබෙන බවත් එය එක් ගිනිඅවියක් බවට පත්කළ යුතු බවත් එනිසා ඔහුට ඉතිරි ගිනිඅවියත් භාරදෙන ලෙස දැනුම් දී තිබෙන බවද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ විගණනයට අනුව තවත් ගිනි අවි 182ක ප්‍රමාණයක් නැවත භාරදී නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කරයි.

ගිනි අවි භාර නොදුන් අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් නීතිපති අංශයෙන් ලබාදෙන උපදෙස් අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka