gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පිටකල කන්ටේනර් මගේ නොවේ... එක්ස්පො ලංකා සමාගමට මා සම්බන්ධ නෑ - බස්නාහිර ආණ්ඩුකාර

දැඩිව පරීක්ෂා කර යුතු රතු ලේබලයෙන් යුත් බහාලුම් වැඩි ප්‍රමාණයක් ඇතුළත් බහළුම් 323ක් පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම බහාළුම් නිදහස් කිරීම සම්බන්ධ තමන්ට කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

එම බහාලුම් එක්ස්පෝ ලංකා සමාගමට අයත් බවට විවිධ පාර්ශවවලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ වන විට අදාළ සමාගම සමඟ තමන්ගේ කිසිදු සබඳතාවයක් නැති බවය.

තමන් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට ප‍්‍රථම අදාළ සමාගමෙන් ඉවත් වූ බවද පවසන ඔහු එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කණගාටුවට පත්ව සිටින බවද කියා සිටී.

තමන් ආණ්ඩුකාර ධූරය භාරගනු ලැබුවේ රටට සේවය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත පමණක් හෙතෙම තවදුරටත්  කියා  සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka