gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් දිනවන්න හරීන් රට වටේ බජව් දාන්න සල්ලි ගත්තා මදිවාට ඒ ගත්ත සල්ලිවලින් ප්‍රසංග තියලත් නෑ! විගණන වාර්තාවෙන් හරීන්ගේ තවත් කෙළි හෙළිවෙයි! (VIDEO)

පැවති රජයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ Smart Youth Night ප්‍රදර්ශන මාලාව සංවිධානය කිරීමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව විගණන විමසුමකින් කරුණු අනාවරණය වී තිබෙනවා. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව පැවැත්වීමට නියමිතව තිබුණා . Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ඒ අනුව හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292 ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592 ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700 ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක දී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 6 වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මෙම ‍ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේ දී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කරනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හැකි බවත් බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගත හැකි බව සඳහන් කරමින් smart youth night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත්, එම හේතු සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබෙනවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka