රුපියල් කෝටි පනහක මුදල සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයකු එල්ල කරන ලද චෝදනාව හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙරේදා දිනයේ රැස්ව ඇති අතර එහිදී එහි සාමාජිකයන් කිහිපදෙනෙකු දැඩිව සඳහන් කර ඇත්තේ මේ හරහා පක්ෂයට විශාල අවමානයක් සිදුව ඇති බවය.
පක්ෂ ලේකම්වරයාද සඳහන් කර ඇත්තේ පක්ෂයට එවන් මුදලක් ලැබී නැති බවය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් ඉල්ලීමක් කර තිබේ.
තමන්ට මන්ත්‍රී ධුරය ලබා නොදෙන්නේ නම් ලබ තමන් ලබා දුන් කෝටි පනහක මුදල ආපසු ලබාදෙන ලෙස අදාළ සහල් ව්‍යාපාරිකයා පසුගියදා එම පක්ෂ කාර්යාලට පැමිණ විශාල කෝලාහලයක් ඇති කර තිබේ.