gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වහාම අත්අඩංගුවට ගන්න නියෝග!

අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටි වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් වාහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මගින් වරෙන්තු නිකුත් කරයි.

පසුගිය යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ තොරතුරු නීති විරෝධී අයුරින් ඉන්දියානු නිල නොවන මාධ්‍යයකට මුදා හැරීම සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවක් පසුගිය (17) වැනිදා අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

නඩුව යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් අනුරාධපුර මහාධිකරණයේ පෙනී නොසිටියේය.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතීඥවරයා සඳහන් කළේ දකුණු ඉන්දියාවේ පැවැත්වෙන උත්සවයක් සදහා ලද ආරාධනාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් ඉන්දියාව බලා ගොස් ඇති බවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka