gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දැන් මාස 3ක්! ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බ සුපිරි වාහන 13ක් හොයාගන්න CIDයටත් බැරිවෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී අස්ථානගත වී ඇතැයි කියන සුඛෝපභෝගී වාහන 13 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16 වැනිදා) දන්වා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත දන්වා සිටියේය.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්වා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ අස්ථානගත වූ වාහන 29 අතරින් වාහන 16 ක් අවසන් වරට භාවිත කරන ලද පුද්ගලයන්ගේ විස්තර මේ වන විට අනාවරණ කරගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම වාහන අතරින් වාහන 13 ක් සම්බන්ධයේන කිසිදු තොරතුරක් නොමැති බව දන්වා සිටියේය.

අදාළ වාහන සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන මගින්ද තොරතුරු විමසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන මාර්තු 12 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka