gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අවලෝකිතේශ්වර බෝධිසත්වවරයා තමන් බව කී මහින්ද කොඩිතුවක්කු මානසික රෝගියෙක්ලු… විත්තියේ නීතිඥවරු අධිකරණයට කියති!

අවලෝකිතේශ්වර බෝධිවත්වවරයා තමන් බව ස්වයංව ප්‍රකාශ කරගනිමින් ලෝකය හමුවේ පෙනී සිට බුද්ධාගමට අපහාස කිරීම සහ ගෞරවනීය ආගමික හැඟීම් කෙලෙසීම සම්බන්ධයෙන් චෝදනා ලද මහින්ද කොඩිතුවක්කුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුට එරෙහි නඩුව පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැවසීය.

සැකකරු මානසික රෝගයකින් පෙළෙනවා නම් නඩුව පවත්වාගෙන යා නොහැකි බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුරට දැනුම් දුන්නේය. සැකකරු මානසික රෝගයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තා ඇති බව ද ඔහු තවදුරටත් අධිකරණයට පැවසීය.

බුද්ධාගමට අපහාස කිරීම සහ ආගමික හැඟීම් කෙළෙසීම සම්බන්ධයෙන් සැකකරු වන මහින්ද කොඩිතුවක්කු 2024 ජනවාරි 15 ​​වන දින රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු දැනට ඇප මත නිදහස්ව සිටී. නඩුව ජුනි 18 වන දිනට කැඳවීමට නියමිතය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka