gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අදානිට කොල එළියක්..? සුලං බලාගාරයට රජය අවසන් තීරණයක නෑ..- රජයේ නීතීඥ අධිකරණයට කියයි

මන්නාරම, වෙඩිතලතීව් ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නියෝග කර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසිනි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බවත් එමෙන් ම මේ සම්බන්ධයෙන් වන වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව ත් එහිදී රජයේ අධි නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ ය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන දා කැඳවන ලෙස නියම කර තිබේ.

සුළං විදුලි බලාගාරය ස්ථාපනය කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සමග ඉන්දියාවේ අදානි සමාගම අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ගොනු කර ඇති අතර එම පෙත්සම් ලබන මාර්තු මස යළි කැඳවීමට නියමිතව ඇත.

– හන්සි නානායක්කාර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka