gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරි අවුරුදු පහේ පාර්ලිමේන්තුවට විසාල කරදරයක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  නීති විරෝධී කටයුත්තක් කළහොත් ඔහුට කිසිම සැකයකින් තොරව රටේ නීතිය නිතිය ක්‍රියාත්මක කළ හැකි නමුත් ජනතා ඡන්දයෙන් පත් වී පැමිණ සිටිනා ජනතා නියෝජිතයෙක් බැවින් පාර්ලිමේන්තුවට නම් අවුරුදු පහක් ඔහුව ඉවසන්නට සිදුවනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය. 
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුව අතර මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

රාමනාදන් අර්චුනා ඊයේ රාත්‍රියේ දී රථවාහන රාජකාරිවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග ගැටුමක් ඇති කරගන්නේ වර්ණවත් විදුලි බුබුළු දල්වාගෙන රථවාහනවලට බාධාවන සේ මාර්ග නීති කඩකරමින් ගමන් කරමින් සිටිය දී ඔහුව නැවත්වා පරීක්ෂා කරන අවස්ථාවේදීය.

පොලිස් නිලධාරීන් ඉල්ලා සිටින නමුත් තම රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් නොකරන අර්චුනා ඉතාම පහත් ලෙස ඔවුන්ට බැන වදින ආකාරය එක් පොලිස් නිළධාරියෙකුගේ දුරකථනයේ පටිගත වී තිබිණි.

මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ අනුරාධපුර පොලිසිය දණ්ඩනීති සංග්‍රහයේ 183 ස 344 වගන්ති උල්ලංඝණය කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කළේය . එහිදී අධිකරණය නියෝග කළේ පවතින නෛතික ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු සිදුකරන ලෙසත් සැකකරු අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත්, විමර්ශන ප්‍රගතිය පෙබරවාරි 03 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත්ය.

“පොලිසිය සමග ගැටුමක් ඇති කරගන්නවා නම් ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඔහුගේ හැසිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කරනවා. විපක්ෂයට ඔහු ගැන චෝදනා තියනවා. ඒ වගේම විපක්ෂයේ නායකයවරයා ගැන අර්ජුනා මන්ත්‍රීවරයාටත් චෝදනා තියනවා. මේ සම්බන්ධව අදත් පාර්ලිමේන්තුවේ කමිටුවක් රැස් වුනා.”

“ඔහුත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවූ මන්ත්‍රීවරයෙක් . පාර්ලිමේන්තුවේ දී විනය කමිටු දාන්න පුලුවන්. වරප්‍රසාද කමිටු දාන්න පුලුවන්. මේ ප්‍රශ්නයට පාර්ලිමේන්තුවට ඊලඟ අවුරුදු පහෙත් මුහුණ දෙන්න වේවි.”
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka