gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රු. 76000 ඖෂධය 370ට මිල දී ගෙන නෑ… එය නිර්දේශයක් පමණයි…! ඖෂධ නියාමන අධිකාරිය…

රුපියල් 76,000 සිට රුපියල් 370ක දක්වා මිල අඩු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඖෂධය මෙතෙක් මිලදී ගැනීමක් සිදුකර නොමැති බවත් එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකළ නිර්දේශයක් පමණක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසයි.ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

එහි දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ මෙම ඖෂධය පිළිකා රෝගීන් සඳහා නියම කෙරුණක් නොවන බවත් එය හෘද සැත්කම්වලදී භාවිත කරන්නක් බවත්ය.

එසේම අඩු මිලට ඖෂධ මිලදී ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අපේක්ෂාව වුවත් මේ වන විට විවිධ පාර්ශ්ව නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් එය දුෂ්කරව ඇති බවත් ඔහු සඳහන් කළේය.
-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka