gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරු අවලාද මඩ ගහලා මහින්ද වට්ටන්න බෑ…. සිංහයෝ කවදාවත් කෙඳිරි ගාන්නෙත් නෑ…! – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි…

 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවස තක්සේරුව සිදුකර ඇත්තේ තක්සේරු දෙපාර්තමේන්තුවේ පියන් කෙනෙකු බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.
“මහින්ද රාජපක්ෂ මහත්තයා කෙඳිරි ගානවා කියලා සමහරු කියනවා. නමුත් සිංහයෝ කවදාවත් කෙඳිරි ගාන්නේ නෑ. කෙඳිරිගාන්නේ බලු කුක්කෝ. එතුමා ඇඬුවා නම් ඇඬුවේ කැබිතිගොල්ලෑවේ බස් බෝම්බේ පුපුරලා දරු පැටව් මැරිලා ඉන්නවා දැකලා. ඒ අඬපු එකේ ප්‍රතිඵලය විදිහට ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙන් අවසන් ගමන් ගියා.

එහෙම නැතිව ආරක්ෂාව අඩු කළා. ගේ ගත්තා කියලා අඬන නායකයෙක් නෙමෙයි මහින්ද. ඔහු මේ රටේ පහළ වුණ ශ්‍රේෂ්ඨ නායකයෙක්. විජේරාමේ ගේ තක්සේරුවට ගිහින් තියෙන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නෙමෙයි, පියන් කෙනෙක්. ලක්ෂ 46ක් කුළියට කවුරුත් එතන ඉන්න අවශ්‍ය නෑ. ඒ ගාණට ශ්‍රැංග්‍රිල්ලා එකේ ඉන්න පුළුවන්. මේ රටේ යුද්දේ ඉවර කළ නායකයාට එහෙම මඩ ගහන්න හොඳ නෑ.

අපේ ගමේ තේ කපන මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයා නින්දට ගියාම බිරිඳ ඇඳ ළඟින් තෙත ගෝනි ටිකක් දානවා. මොකද මේ මනුස්සයා රෑට තේ පිහිය අරන් හතර අතේ වනනවා. බිරිඳ බයයි, දරුවන්ට හරි තමන්ට හරි මන්න පාර වදියි කියලා. ඒ වගේ ම ප්‍රකාශ කරන නායකයන්ට තමන් දැන් රටේ නායකයා කියලා මතක් වෙන්න ඇඳ ගාව තෙත ගෝනියක් දාන්න ඕන. රටේ නායකයන්ට රස්තියාදු කතා අවශ්‍ය නෑ.

2015 වෙන කොට මේ රටේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. රු. 350ට පොහරෙ දුන්නා. රාජ්‍ය සේවකයන්ට මෝටර් සයිකල් 50 000ක් දුන්නා. තව ලක්ෂයක් ගෙන්න සූදානම් වුණා. නමුත් ඊර්ෂ්‍යාවට ඡන්දේ දුන්නා. මහින්ද එක්ක තිබ්බම සිරිසේනට  ඡන්දේ දෙන්න හිතෙන මිනිහෙක් හිතා ගන්න බෑ. එදා ඊර්ෂ්‍යාවට ඡන්දේ දීලා අදත් දුක් විඳිනවා. මේ රට නිවැරදි තැනට යන්න ඕන. ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම ප්‍රදර්ශනය කරලා මේ රටට ඉස්සරහට යන්න බෑ.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka