පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ආරම්භවූයේ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කෙරෙනා අතර අග්‍රාමත්‍යවරියගේ කතාවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පළමු පැනය ආන්ඩු පක්ෂය වෙත යොමුකරමින් විමසා සිටියේ සමාජ මාධ්‍ය හරහා බලයට පැමිණි ආන්ඩුව ප්‍රතිත්‍රස්ත පනත වැනි විවේචනාත්මක අන පනත් භාවිත කරමින් මාධ්‍ය දඩයමක නිරතවීම සහ භාෂණයේ නිදහස සීමා කිරීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවයි.
එමෙන්ම ඊයේ (2) දිනයේ ඉසුරුපාය අධ්‍යාපණ අමාත්‍යංශය ඉදිරිපිට සිදුවූ විරෝධතාවේදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ මේ වනවිට සහල් ආනයනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා සහල් ඇටයක් හෝ ආනයනය නොකරන බවට මැතිවරණ වේදිකා මත පොරොන්දු ලබා දුන් බවද සිහිපත් කළේය.