ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය මුස්ලිම් පල්ලියක රැඳී සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු ඊයේ (02) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
නුවරඑලිය පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත එම පල්ලිය වෙත ගොස් ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදි ඔවුන් සංචාරක වීසා මත මිට මාස දෙකකට ප්‍රථම දිවයිනට පැමිණ ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වි ඇති නිසා වීසා අලුත් කිරිමට සියළු ලියකියවිලි මෙරට තම තනාපති කාර්යාලය වෙත භාරදුන් බව සැකකරුවන් පවසා සිටි බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑලිය ප්‍රදේශයට පැමිණිමට ප්‍රථම හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.
අවු 25-65 අතර වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සදහා යොමු වි ඇති බවට සැකකරුවන් පවසා ඇත.
ඔවුන් සමග මෙරටට පැමිණි අනෙකුත් 191 දෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙටර ඉන්දුනිසියානු තනාපති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවත්, සැකකරුවන් (03) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නුවරඑලිය පොලිසිය පැවසිය