අතවර චෝදනා ඇති අයෙකු ඇමති ලේකම් තනතුරකට!
මෙරට ඇමතිවරයකු තම පෞද්ගලික ලේකම්වරයා ලෙස අතවර චෝදනාවක් එල්ල වී ඇති තානාපති සේවයේ හිටපු නිලධාරියෙකු පත්කරගෙන ඇති බව කැනඩාවේ ටැමිල් විෂන් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාල ලේකම්වරයා තානාපති සේවයේ යෙදී සිටි කාලයේදී ඉහළ රාජ තාන්ති‍්‍රක නිලධාරිනියකට අතවර කළ බවට චෝදනාව එල්ල වී ඇතැයි එම වාර්තාව කියා සිටී.
එම නිලධාරිනිය මේ වන විට නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරයක් හොබවන බවත් සඳහන් වෙයි.
චූදිත නිලධාරියා තානාපති සේවයට බැඳී ඇත්තේ එවකට සිටි ප්‍රබල දේශපාලනියකු සමග තිබූ සබඳතාවයක් හේතුවෙන් යැයි ද චෝදනා එල්ල වූ අවස්ථාවේදී එම චෝදනා එල්ල කළ නිලධාරිනිය ස්වාධීන විමර්ශනයක් සඳහා විදේශ අමාත්‍යාංශය විසින් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවද වාර්තාව කියා සිටී.
පසුව ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වී ඇති මෙම නිලධාරියා පත්වීම ලබා ගැනීමෙන් පසු තවත් රාජතාන්තික නිලධාරීන් දෙදෙනෙකු අපහසුතාවට මුහුණ දීමට සිදුව ඇති බවත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඔවුන් අවස්ථාවක් ලැබෙන තුරු සිටින බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.
අතවර චෝදනා ඇති අයෙකු ඇමති ලේකම් තනතුරකට!
2024-12-24T14:35:00+05:30
Gossip Lanka Hot News






