gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ආරක්ෂාව භාරදෙන්න නාමල් ඇතුළු පිරිස මහනුවරට!

අද උදෑසන (24) දළඳා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීය.

ඔහු පවසා සිටියේ, එම ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ කණ්ඩායමට සැබැවින්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද යන්න ගැටළුවක් පවතින බවයි.

එම තීන්දු තීරණ ගනු ලැබුවේ බුද්ධි අංශ වාර්තා අනුවනම්, ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ඇතුළු වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවත් නාමල් රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, රාජපක්ෂවරු යනු හැමදාම මේ රටේ ස්භාවධර්මය අනුව කටයුතු කළ පිරිසක් බැවින් දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව මහින්ද රජපක්ෂ මහතාට සැමවිටම ලැබෙනා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka