gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම දන්නා ප්‍රවීණ ගායන ශිල්පියා ජීවිතයෙන් සමුගනී!

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පවුලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ප්‍රියා සූරියසේන චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස “හරියනකොට ඔහොම තමයි” චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට පිවිසියේය.

“සෙලීනගේ වලව්ව”, “මල් කැකුළු”, “සිකුරු දසාව” සහ “ඈතිත් ඈතට” වැනි චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් දායක වී ඇත.

මේ අතරින් “ඈතින් ඈතට” චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ “කැන්ඳන් යන්නම් රන් මල් මාලා ද‍ාලා” ගීතය හරහා ඔහු අතිශය ජනාදරයට පත් විය.

ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් දිනාගත් ගීත ලෙස, මගේ ළමැද සුව යහනක්.., රටකින් එහා.., මට වාසනා.., ඇසුරින් මිදීලා.., ඈත රන් විමන්.., ආදරණීය නේරංජනා.., මගෙ සමරුම් පොතේ…, හිරු ද මුවාවි.., සුදු පරෙවි රෑන සේ.., සද තාරකා හඬාවි.., ලිහිනින් රෑන පියාසලන්නේ.., හෙට දවසේ අප දෙදෙනා.. වැනි ගීතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka