gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘රට යවපු මගේ බිරිඳව ගෙනත් දීපන්’ කියමින් කුරුණෑගල සැමියෙක් රැකියා ඒජන්සි හිමිකරුගේ බෙල්ල කපයි! ඒජන්සි හිමිකරු බරපතළ තත්ත්වයෙන් ICU එකේ! සැමියා රිමාන්ඩ්!

කුරුණෑගල ප්‍රදේශයේ විදෙස් රැකියා ආයතනයක් මගින් විදෙස් රටක ගෘහ සේවයට යවන ලද සිය බිරිය වහාම ගෙන්වා දෙන්නැයි කියමින් සැමියා විසින් එම ආයතන හිමිකරුගේ බෙල්ල කප තුවාල කොට ඇති සිදුවීමක් වාර්තා වේ. එම සැකකාර සැමියා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අද (12) නියම කොට ඇත.

මෙම සැකකරු කුරුණෑගල නාවින්න හන්දියේ අල් ආක්ෂා විදේශ රැකියා ආයතනයේ හිමිකරු වන එම්.එස්.එම්. නූර් අමින් මහතාගේ බෙල්ල කපා තමාගේ බෙල්ල ද කපා ගැනීමට උත්සාහ කොට ඇති බව පැවසේ.

පසුව අත්අඩංගුවට ගත් බව කියන සැකකරු පිටස්තර කිසිවෙකුටත් හඳුනාගත නොහැකි වන අන්දමට සම්පූර්ණයෙන්ම ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළේය.

බෙල්ල කැපීම නිසා බරපතල තුවාල ලැබූ අල් ආක්ෂා විදේශ රැකියා ආයතනය හිමිකරු වන නුර් අමින් මහතා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ යැයි කියමින් කුරුණෑගල පොලිසියේ සැරයෙන් ජයසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළේය.

අල්ලාක්ෂා විදේශ රැකියා ආයතනයට දහවල් දෙකයි තිහට පමණ පැමිණ ඇති සැකකරු එහි හිමිකරු හමුවීමට ගොස් ඇතැයිද ටික වේලාවකට පසු හිමිකරුගේ කාමරය දෙසින් නැගුණු ශබ්දයක් නිසා පැමිණිලිකාරිය ඇතුළු පිරිසක් හිමිකරුගේ කාමරයට ගොස් ඇතැයි දැනුම් දුන් පොලිස් සැරයන් ජයසිංහ මහතා රට යවපු මගේ බිරිඳව ගෙනත් දීපං කියා තර්ජනය කරමින් සැකකරු නුර් අමීන් මහතාගේ බෙල්ල කපා ඇතැයි දැනුම් දුන්නේය.

ඒ වන විටත් අමීන් මහතාගේ බෙල්ල කැපී රුධිරය වහනය වී ඇතැයිද පැමිණිලිකාරිය මෙන්ම පොලිස් නිලධාරියෙකුද පැමිණ අමීන් මහතා ළඟට යෑමට සැරසුණත් ආවොත් උඹවත් මරණවා කියමින් සැකකරු ආවේගශීලීව හැසිරී ඇතැයි ද ඒ අවස්ථාවේදී ආයතනයේ මැනේජර්වරිය වන කස්තුරි මහත්මිය එකවරම සැකකරුගේ ඇඟට කඩාගෙන පැන ඔහුද බිම පෙරලාගෙන පිහිය අල්ලාගෙන ඇතැයිද දැනුම් දුන් සැරයන් ජයසිංහ මහතා පසුව මහත් පරිශ්‍රමයක් දරා බරපතළ කැපුම් තුවාල සහිතව සිටි නූර් අමීන් මහතා කාමරයෙන් එළියට ගැනීමට පිරිස පියවර ගෙන ඇතැයිද දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී සැකකරු ඔහුගේ බෙල්ලටද පිහිය තබාගෙන බෙල්ල කපා ගැනීමට උත්සාහ දරා ඇතැයිද ඒ අවස්ථාවේදී පොලිස් පරීක්ෂක සරත් සුමනවිර මහතා ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද පසුව කැපුම් තුවාල ලබා සිටි නූර් අමීන් මහතා සහ කස්තුරි මහත්මිය වහාම රෝහල් ගත කර ඇතැයිද දැනුම් දුන් පොලිස් සැරයන් ජයසිංහ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අමීන් මහතාගේ තත්ත්වය බරපතල කම හේතුවෙන් ඔහුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකි වී ඇතැයි දැනුම් දුන්නේය.

සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහැවී ඇති අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද ඔහු හසලක ප්‍රදේශයේ සිට පිහියක්ද සඟවාගෙන මෙම අපරාධය කිරීමට සැලසුම් සහගතව පැමිණ ඇතැයිද සැකකරු හඳුනාගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න අයද ඉල්ලා සිටි සැරයෙන් ජයසිංහ මහතා සැකකරු රිමාන් භාරයට පත් කරන්නයි ද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලසා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 18 වෙනිදා දක්වා රිමාන් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා එදින හඳුනාගැනීමේ පෙරටුවක්ක් සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා කුරුණෑගල පොලිසියෙ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka