සජබ ජාතික ලයිස්තු නම් 4 මැතිවරණ කොමිසමට යවයි! සුජීව-මනෝ-කාරියප්පර්- මොහොමඩ් ස්මයිල්!
පසුගිය මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ සෙසු මන්ත‍්‍රී ධුර හතර සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇත. මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා නම් කර යැවූ බව එම පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සමගි ජන බලවේග ජාතික ලයිස්තුවෙන් නම් කරන තුරු ජාතික ලයිස්තුව නම් කිරීමට එරෙහි අතුරු තහනමක් ඉල්ලමින් එම පක්‍ෂය අධිකරණය හමුවට අද දහවල් පෙත්සමක් ගොනු කර ඇත.
සජබ ජාතික ලයිස්තු නම් 4 මැතිවරණ කොමිසමට යවයි! සුජීව-මනෝ-කාරියප්පර්- මොහොමඩ් ස්මයිල්!
2024-12-12T20:44:00+05:30
Gossip Lanka Hot News






