රට පුරා රිලවුන්ට වඳ සැත්කම් කරනවා - බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති
රිළවුන් බෝවීම පාලනය කිරීම සඳහා රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පැවැසීය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔහු මේ බව කියා සිිටියේය.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්කර තිබෙන බවය.
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ගන්නා බවත්, මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානට රැගෙන ගොස් වන්ධ්‍යාකරණය කර නැවත එම ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිතය.
– අරුණ
රට පුරා රිලවුන්ට වඳ සැත්කම් කරනවා - බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති
2024-12-12T17:09:00+05:30
Gossip Lanka Hot News






