gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඳුන්නෙත්තිගේ ඩබල් ගේම හොයන්න සී.අයි.ඩී යට භාරදෙයි!

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරමින් ඉල්ලා සිටියේ, කිසියම් පිරිසක් විසින් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරයාගේ නම හා රුව භාවිත කරමින් වංචනික ලෙස මුදල් එක් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කර තිබේ.

මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා මෙහිදි වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසයි.

මේ වනවිට හඳුනාගෙන ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින බව එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූ අතර ඊට අදාළ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබා දෙන ලෙසද එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka