gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂ නිවාස අඩස්සියට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතම මෙසේද පැවැසුවේය

‘රට බේරගත් නායකයාට අනතුරක් වෙනවට අපි එකඟ නැහැ. ඒ නිසා අපි එතුමාව ආරක්ෂා කරනවා. ආරක්ෂාව කියන එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එල්.ටි.ටි.ඊ සංවිධානය අදටත් ක්‍රියාත්මකයි. මේ රටේ පොලිසිය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පහුගිය ගුණසමරුවේදී එල්.ටී.ටී.ඊ. ලක්ෂණ පළ කළා කියලා. ඒ මහා විරු සැමරුම් 10ක. මෙවැනි තත්ත්වයක් යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අඳුරු සෙවණැලි තවමත් මේ භූමියෙන් නැතිවෙලා නැහැ.

ඒ නිසා මේ තර්ජනය තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. එක නැති කළ නායකයාට මිසක්, එල්.ටී.ටී.ඊ එකට උදව් කළ නායකයන්ට නොවේ.

පක්ෂයක් විදිහට අපි ඉතාමත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීපු වසරක් මේ. මේ වසරටත් වැඩිය 2022 අපිට ඉතාම අමිහිරි වසරක් වුණේ. හැබැයි 2024 වසර ලංකාව ඉතිහාසයේ රටේ ජනතාව වැඩියෙන්ම රැවටුණු වසර හැටියට ඉතිහාසගත වේවී. මේ ජනතාව මුළා කරලා බොරු කියලා ලබා ගත්ත බලයක්. මේ බලය රැකගන්න කොයි පුද්ගලයා පැමිණියත් බැහැ.

ස්වභාව ධර්මයේ නීතියක් කියලා එකක් තිබෙනවා. ස්වභාව ධර්මයේ නීතිය තුළ බොරුවට රජ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්කා යහපාලන ආණ්ඩුවටත් මේ දේ වෙනවා. ඒ වගේම මේ දේ ඊටත් කලින් මේ ආණ්ඩුවට වෙන බව දැන් පේන්න තිබෙනවා’’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka