සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (12) නැවත වතාවක් කැඳවූ අතර පසුව සුජීව සේනසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසුව මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කළේය.
පැමිණිල්ල මෙහෙය වූ නිලධාරියා ප්රකාශ කළේ ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නොමැති බැවින් මේ වන විට ප්රශ්නගත වාහනය සම්බන්ධයෙන් පාර්ශ්වයන් කීපයකගෙන් ප්රකාශ ලබාගෙන ැති බවයි.
කෙසේවෙතත් තවදුරටත් ප්රකාශ ලබා ගැනීමට තිබෙන බවත් මෙම වාහනය එකලස් කළ එකක් දැයි නිශ්චිතව පැවැසිය හැක්කේ රස පරීක්ෂක වාර්තාව පැමිණි පසුව පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
දැනට අනාවරණය වූ කරුණු මත මෙම මෝටර් රථය 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්රී ශ්රී රංගා මහතාට ලැබුණු බලපත්රය හරහා මෙරටට ගෙන්වා ඇති බවත් 2011 වසරේදී මෙම මෝටර් රථය මාරක රිය අනතුරකට මුහුණදී ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා ප්රකාශ කළේය.