gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුරට තමිල්නාඩු විරෝධය... ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවා කච්චතිවු පවරා ගන්නැයි මෝදිට කියයි

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස එරට නාම් තමිලර් කච්චි ප්‍රධානී සීමන්් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ වාර්තා කරයි.

දේශසීමා ඉක්මවන කරන ඉන්දීය ධීවරයින්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු විමසා ඇත්තේ ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු කිරීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැතිද යනුවෙනි.

මෙම ප්‍රශ්නය විසඳීමට නම් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවත් කච්චතිව් යළි අත්පත් කරගත යුතු බවත් සීමන් පෙන්වා දෙයි.

මුලාශ‍්‍රය මෙතනින්>>>


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka