gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දැඩි පරිශ්‍රමයකින් පසුව සනත්ගේ බංගලාවත් බේරාගනී.. ඇමතිවරුන්ගේ නිවාස සියල්ල පවරාගෙන අවසන්!

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහි කැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ (12) ලබාගැනීමට හැකිවූ බවයි.

සනත් නිශාන්ත මහතා හදිරි රිය අනතුරකින් පසුගිය ජනවාරි මස 25 වැනිදා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට හිටපු රජය අවස්ථාව සලසා දී තිබුණි.

නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු අමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසයද රජයට ගැනීමට කටයුතු කෙරිණ.

කෙසේවෙතත් සනත් නිශාන්ත මහතාගේ බිරිඳට බොහෝ සිහි කැඳවීම් කළද, දිගින් දිගටම නීත්‍යානුකූලව නිවස නැවත බාරදීම ඇය විසින් මඟහරිමින් සිටි අතර ඊයේ (12) දිනයේ නැසීගිය සනත් නිශාන්ත මහතාගේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් නිවසට ගොස් එම බංගලාව රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

මෙම බංගලාව බාරදීමත් සමඟ හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka