පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) දින පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත.
2024 මහ මැතිවරණය සදහා අපේක්ෂකයින් 8,888ක් තරග වදින අතර ඡන්දය භාවිත කිරීම සදහා ඡන්ද දායකයින් 17,140,354ක් සුදුසුකම් ලබා ඇති අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මේ වනවිට ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දීමක් කරයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත, පූජ්‍ය / පූජක හැදුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සදහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය.