gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්ධන මිල ඉහල යාමේ අවදානමක් තිබෙනවා - විජිත

මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ ගියහොත් එය පාලනය කිරීම සිදු කරන්නේ කෙසේදැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවන් මත මෙම කමිටුව නිර්දේශය සිදු කරනු ඇති බවද කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයත් තිබුණොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණදෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්නත් මේ කමිටුව තීරණය කරලා තිබුණා..

ආණ්ඩුව ඉන්ධන මිල අඩුකළාට බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩුවුණා නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකරලා නැහැ. ඒ නිසා මේ කමිටුවට නිර්දේශ කළා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීලා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වෑන් සහ බස් රථවලත් මිල අඩුකරන්න තීන්දු ගන්න ඒ සඳහා වාර්තාවක් කැඳවන්න තින්දුකරලා තියෙනවා.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka