gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ.. ඒක අදාල වෙන පක්‍ෂවලටයි..- චතුරංග

තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.

“මම සහ මගේ පියා මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟ කරන කතාව ඇත්ත. ඒ තීන්දුව ගන්නේ පක්ෂෙ. මගේ පියාට ලේකම් තනතුර දෙන්නනෙත් පක්ෂෙ. සාධනීය ලෙස වැඩ කරනවාද නැද්ද කියලා තීරණය කරන්නෙත් පක්ෂෙ.

ඒක අනික් පක්ෂවල ලේකම් තනතුර වගේ එකක් නෙමෙයි. මටත් පක්ෂය තමයි කියන්නේ දේශපාලනයට එන්න කැමති නම් මේ ක්ෂේත්‍ර හරහා අපට දායකත්වයක් දෙන්න කියලා. එතකොට පක්ෂය තුළ බැඳියාවන් අතර ගැටුමක් නෑ.

පවුල් දේශපාලනය කියන කතාව අපි දෙන්නට අදාළ නෑ. ජනතාව ඒක තේරුම් ගනියි. තාත්තගේ පුතා වීම නිසා හෝ පුතාගේ තාත්ත වීම නිසා අපේ දේශපාලන අයිතිය අහිමි කරන්න පක්ෂෙ තීන්දු කරලා නෑ.”
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka