හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයක් කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වන අතර මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.
ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීම හා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබාදෙයි.
හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයක් කරයි
2024-10-15T15:07:00+05:30
Gossip Lanka Hot News





