gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සැගවී සිටින පොලිස් ලොක්කා අත්අඩංගුවට ගන්න නියෝග!

පැමිණිල්ලක් විභාග කරනවිට වගඋත්තරකරුට පහරදීමට තැත්තකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය දිසා අධිකරණය නියෝග කර ඇත.

කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පැමිණිල්ලක් විභාග කරනවිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණ වගඋත්තරකරුට පහරදීමට තැත්කර ඇත.

කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී I විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පසුගිය (24) වැනිදා සවස 6.30ට පමණ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පොලිසියෙන් පිටව යන බවට සටහනක් යොදා පිටව ගොස් ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය විය.

අනතුරුව මේ සම්බන්ධයෙන් පසුගිය (25) වැනිදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව නඩුව දිසා අධිකරණයට යොමු කර ඇත.

අනතුරුව සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ලබන මස (08) වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka