2016 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි කැඳවීම අද දිනට යෙදි තිබුණි.
නමුත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුව ලබන නොවැම්බර් 25 වනදා තෙක් කල් තැබීමට නියෝග කළේ විමල් වීරවංශ හට උණ රෝගය වැලඳී ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින ලෙස වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විසින් අධිකරණයට කළ දැනුම්දීමට අනුවයි.
එම නිසා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීමට පැමිණි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ටත් නොවැම්බර් 25 වනදා යළි පෙනී සිටින ලෙස දන්වා නඩුව කල් තැබූ බව සඳහන්.
